අපේ සවාරි
සවාරි පවුල ආ ගිය තැන් සහ තොරතුරු
අපගේ සවාරි වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් පිටුවෙන්, අප මෙතෙක් සංචාරය කළ රටවල් සහ දර්ශනීය ස්ථාන පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු . එම රටවල සහ ගමනාන්තවල අප දැක ඇති සුන්දර හා විස්මිත ස්ථාන සහ දර්ශන ගවේෂණය කිරීමට හා එම ස්ථාන පිළිබඳව වටිනා තොරතුරු දැනගැනීමට අප හා එක්වන ලෙස අපි ඔබට ආදරයෙන් ආරාධනා කරන්නෙමු. ඔබත් මෙම ස්ථාන නැරඹීමට යාමට අදහස් කරගෙන සිටීනම්, අපගේ වෙබ් අඩවියේ සඳහන් වන ඇතැම් තොරතුරු ඔබට ප්‍රයෝජනවත් විය හැක. ඉතින් ඔබට අප සමග සවාරියක් යාමට ආදරයෙන්


චමත්කාරජනක කිරි සුදුවන් ගොඩනැගිලි, නිල් අර්ධ ගෝලාකාර වහලවල් සහිත සුදු පැහැති ගොඩ නැගිලි වලින් වැසී ගිය සන්තොරිනි දුපත, සංචාරකයින්ගේ සිහින ගමනාන්තයකි. ලොව සොඳුරුම හිරැ බැස යන දර්ශන සහ ග්‍රීසියට ආවේනික සලාද වර්ග මෙන්ම වයින් වර්ග වල අනිවාර්යයෙන්ම රස බැලීමට මෙහි එන සංචාරකයින් අමතක නොකරති. වැඩි විස්තර සඳහා සම්පුර්ණ ලිපිය කියවන්න. ග්‍රීසියට අයිති මෙම දුපතේ සමහර ගොඩබිම් කොටස් ගිනිකඳු අතීත ගිනිකඳු ක්රියාකාරිත්වයන් නිසා විනාස වී ගොස් ඇති සේම , සමහර තැන් වල බිම් කොටස් ගිනිකඳු ක්‍රියා කාරීත්වයන් නිසා නිර්මාණය වී ඇත.


Phuket දුපත - තායිලන්තය
Phuket දුපත තායිලන්තයට මැණිකක් බඳු දුපතකි. රමණීය වෙරළ තීරයන් සහ, නිල කැටයක් බඳු සුපැහැදිලි මුහුදු ජලය, විචිත්‍රවත් රාත්‍රී සැණකෙළි වලින් පිරි මේ දුපත දෙස් විදෙස් සංචාරකයින් ගෙන් නිතර පිරී පවතී. නිදහස් සාමකාමී නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතා සුදුසු පරිසරයක් මේ දුපතේ ඇත. එසේම ඉතා අලංකාර තවත් දුපත් රැසක් මේ Phuket දුපත වටා පිහිට ඇත.




සිංගපූරුව
සිංගප්පූරුව යනු නවීන තාක්ෂණයෙන් හා විවිධ සංස්කෘතීන්ගෙන් සපිරි විශිෂ්ට නගර රාජ්‍යයකි. මැරිනා බේ සැන්ඩ්ස්, ගාර්ඩන්ස් බයි ද බේ, සහ විවිධ ජාතීන්ගේ ආහාර සහ විනෝද ස්ථානවලින් සමන්විත මෙම නගරය, සංචාරකයින්ට අමතක නොවන අත්දැකීමක් ලබා දේ.
ඉන්දුනීසියාව
ඉන්දුනීසියාව යනු විශාල ප්‍රදේශයක පැතිරුණු අලංකාර කුඩා හා විශාල දූපත් 17,000කට අධික සංක්යවකින් සමන්විත , විවිධ සංස්කෘතීන්ගේ පිරිපුන් රටකි. බාලි , ජවා සහ බින්තාන් වැනි ප්‍රසිද්ධ දූපත් වලින් රැසක්, සුන්දර හිරු රැස් පහසින් සපිරි නිදහස් වෙරළ තීරයන් සහ සුවිශේෂී පාරම්පරික කලාපීය ආකෘති සහ ආහාර රසවිඳීම සඳහා සංචාරකයින්ට අසමසම තෝතැන්නක් ද වෙයි.


ෆිරා (Fira) - සංතොරිනි, ග්‍රීසිය
සංතොරිනිහි පවතින ප්‍රධාන ගම්මානය වන ෆීරා, සොබාදහමේ මනහාරත්වයෙන් හා සංස්කෘතික වර්ණයෙන් සපිරි සුන්දර ගම්මානයකි. සුදු පැහැති ගෙවල්, ආලින්ද සෙවණැලි, කාල්ඩේරා මත දිගැදෙන පුළුල් දර්ශන පථයන් සහ වර්ණවත් වෙළඳසැල් සහ අවන්හල් වලින් යුත් ෆීරා, සංතොරිනිහි සැබෑ ආකර්ශනය අත්විඳින්නට ඉතා කදිම ස්ථානයක්සේ සැලකිය හැක.


ඇතන්ස් නගරය ග්‍රීක ඉතිහාසයේ ඉතාම සුවිශේෂී නගරය කිව්වොත් ඉතා නිවැරදියි. මේ වන විට ඇතන්ස් නගරය එහි පුරාණ ප්‍රෞඩ ඉතිහාසය අතරින් නව තාක්ෂනය හා නව ගොඩනැගිලි වලින් සමන්විත නගරයක්. ප්රජාතන්ත්රවාදයේ ආරම්භක නගරය වන්නේද ඇතන්ස් නගරයයි. ඇතන්ස් වලට අයිති ඉතා වටිනා ස්මාරක දෙකක් ලෙස Acropolis, the Parthenon, and the Temple of Olympian Zeus හඳුන්වන්න පුළුවන්. මේවාට අමතරව, ඇතෙන්ස් නගරයේ ව්‍යාප්තව තිබෙන Plaka වැනි සුන්දර ගම්මාන, Monastiraki’s ආකර්ෂණීය වෙළඳපොල සහ Psiri's හි කලාත්මක දසුන් ඇතන්ස් නගරයේ අලංකෘත බව වැඩි කිරීමට විශාල දායකත්වයක් සපයනු ලබනවා.




ඩුබ්රෝව්නික් (Dubrovnik ) - ක්‍රෝඒෂියා
ඩුබ්රෝව්නික් නගරය ක්‍රෝඒෂියා වල පහලට වෙන්නට අඩ්රියටික් (Adriatic) මුහුදට මායිම්ව ඇති අති සුන්දර නගරයකි. අඩ්රියටික් සාගරයේ මුතු ඇටය ලෙසද මෙම නගරය හඳුන්වනු ලබයි. Dubrovnik’s Old Town එක මේ වන විට ලෝක උරුමයක් ලෙස නම් කර ඇත, මෙම නගරය සතුරන් ගෙන ආරක්ෂා කර ගැනීමට නගරය වටා ගල් කුට්ටි ගොඩ නගන ලද පවුර නිසා මෙම නගරයට ඉතා වටිනා කමක් එකතු වී තිබේ. මේ පවුර මත ඇවිදීමටත්, ඒ මත සිට ඉතා මනරම් ඉර බස යාමේ දර්ශය නැරඹීමටත් සංචාරකයි දහස් ගණන් මේ නගරයට අදී එති. ඉතා අලංකාර මුහුදු තීරයන් හා කුඩා දූපත් රාශියක් මේ නගරය වටා පිහිට ඇත. ඉතා අලංකාර පුරාණ ගොඩ නැගිලි මේ නගරයට එක් කරන්නේ අමුතුම අලංකාරයකි.
වියනා (Vienna), Austria
වියනා කියන්නේ ඔස්ට්‍රියා වල අග නුවර. මේ නගරය ඉතිහාසයේ වටිනාකම් වගේම නවීන තාක්ෂණයේ අංග මුසුකර ගත් අලංකාර නගරයක්. මේ නගරයට "සංගීතයේ නගරය" කියා ද අන්වර්ථ නාමයක් පට බැඳී තිබේ, ඒ මන්ද කියා කිවහොත් Mozart සහ Beethoven වැනි ශ්‍රේෂ්ඨ සංගීතඥයින්ට පන්නරය ලබාදුන් නගරය වන අතර, විශාල ඔපේරා ශාලා සහ සංගීත ශාලා තවමත් ඔවුන්ගේ ශාස්ත්‍රීය ගීතවලින් මිනිසුන් පිනවමින් සිටී. මෙම නගරයේ තවත් වැදගත් සංචාරක ස්ථානයක් වෙනුයේ St. Stephen’s පල්ලියයි, එය ඉතා විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකට උරුමකම් කියන අතර අලංකාර ගොතික් නිර්මාණ වලින් සැරසී ඇත, මේහිදී වියනා වලට අවේනික පේස්ට්රියක රස විඳින ගමන් උණුසම් කෝපි කෝප්පයක රස විඳීමටද සංචාරකයින් අමතක නොකරති.