
එන්න අපිත් එක්ක සවාරියක් යන්න
ජීවන සවාරියේ සොඳුරු මතකයන් ඔබ සමග බෙදා ගන්නා සොඳුරු නවාතැන්පල.
සවාරි අප ගැන
ලෝකයේ විවිධ රටවල ස්වභාවධර්මයේ අසිරිය ගවේෂණය කිරීමට සහ විවිධ සංස්කෘතීන්හි සුන්දරත්වය ඉතාම ආදරයෙන් ඔබ සමග බෙදා ගැනීම සවාරි අපගේ මූලික අරමුණයි. ඒවගේම සවාරි වලදී අප ලබා ගන්නා විවිධ අත්දැකීම්ද ඔබ සමග බෙදා ගැනීමටද අප අදහස් කරමු. ඔබත් ට්‍රිප් එකක් යන්න අදහස් කරගෙන සිටිනවා නම් සහ ඔබට ඒ සුදානම් වීමට අවශ්‍ය මුලික තොරතුරු අපගේ අත්දැකීම් මත ඔබ සමග ඉතා කැමැත්තෙන් බෙදා ගැනීමට අප සුදානම්. ඒ සඳහා අපගේ ඊමේල් ලිපිනයට ඔබගේ පැනය යොමු කරන්න.
සවාරි වල සොඳුරු මතක ඔබ සමග බෙදා ගැනීම අපේ අරමුණයි
වැඩි දුර තොරතුරු
සවාරි අපි දැනට ජීවත් වෙන්නේ ජර්මනියේ. බොහෝ දුරට යුරෝපය ආශ්‍රිත රටවල් වල තමයි අපගේ සවාරි සිදු වෙන්නේ. මේ සවාරි වලදී අප ලබා ගන්නා අත්දැකීම් , සුන්දර ඡායාරූප සුන්දර වීඩියෝ ඉතාම කැමැත්තෙන් ඔයාල සමග බෙදාගන්න සුදානමින් ඉන්නේ.
ඔයාලත් ඔයාලගේ සුන්දර සවාරි, නිවාඩුවන් ගැන සවාරි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල අපත් සමග තොරතුරු බෙදා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒවගේම ඔයාලටත් යුරෝපයේ තියෙන ලස්සන තැන් ගැන, එහෙම බලන්න යනවනම් ට්‍රිප් එකට සුදානම් වෙන්න මූලික තොරතුරු අපි දන්නා පරිදි ඉතාමත් කැමැත්තෙන් ඔබ සමග බෙදා ගන්න සවාරි අපි සුදානම්. සවාරි යුටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුවෙන් වැඩි විස්තර ඔබට දැන ගන්න පුළුවන් එහෙම නැත්තම් සවාරි අපගේ ඊමේල් ලිපිනයට ඔබගේ පණිවිඩය එවන්න.
අපේ සවාරි
සවාරි පවුල ආ ගිය තැන් සහ තොරතුරු








Contact Us for Travel Adventures
Connect with us to share your own travel stories and experiences.